30.6 C
Colombo
Friday, June 5, 2026

“Folded” ගීතයට සම්මාන ද්විත්වයක්

ප්‍රකට ගායන ශිල්පිනී කෙලානි (Kehlani), 2026 ග්‍රැමී සම්මාන උළෙලේදී සිය ප්‍රථම ග්‍රැමී සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

ඇය මෙවර “Folded” ගීතය වෙනුවෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමද විශේෂත්වයක්.

කෙලානි විසින් මෙම සම්මානය දිනාගනු ලැබුවේ ‘හොඳම R&B ගායනය’ (Best R&B Performance) සහ ‘හොඳම R&B ගීතය’ (Best R&B Song) යන කාණ්ඩ දෙක යටතේයි.

එහිදී ඇය ක්‍රිස් බ්‍රවුන්, ජස්ටින් බීබර් සහ සමර් වෝකර් වැනි ප්‍රබල ශිල්පීන් අභිබවා මෙම ජයග්‍රහණ වාර්තා කරනු ලැබුවා.

සම්මානය පිළිගැනීමෙන් අනතුරුව සංවේදී අදහස් දැක්වීමක් කළ කෙලානි, තමා මීට පෙර කිසිදු සම්මානයක් දිනා නොතිබූ බවත් මෙය ඉතාමත් සුවිශේෂී හැඟීමක් බවත් ප්‍රකාශ කළා.

“මගේ පළමු ග්‍රැමී නිර්දේශය ලැබුණේ මීට වසර 10කට පෙරයි. මෙය දිගු ගමනක්,” යනුවෙන් ඇය සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles