25 C
Colombo
Friday, June 5, 2026

කඩිනමින් එන මානසික සෞඛ්‍ය පනත

මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙරට මානසික සෞඛ්‍ය සේවාව නිවැරදි හැරවුම් ලක්ෂයක පවතින බවත්, මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වසර සියයක් පැරණි බව ද හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබෙනවා.

එම නිසා මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන එන බවත්, එය නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයට අද වන විට එළඹ ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

එය අසීරු කාර්යයක් වුවද ඒ සඳහා වන කෙටුම්පත් මූලික කටයුතු සඳහා පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයට යොමූ කර ඇති බව ද,  අනතුරුව ජනතා අදහස් ලබා ගැනීම සඳහා යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා එහිදි වැඩිදුරටත් අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles