උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශ වල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන්.
උතුරු සහ වයඹ පළාත් වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවටයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

