26 C
Colombo
Wednesday, October 8, 2025

රුපියල් බිලියනක වන්දියක් ඉල්ලා නාමල්ගෙන් සුනිල් වටගලට එරෙහිව එන්තරවාසියක්

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

නාමල් රාජපක්ෂට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කරනු ලැබූ අපහාසාත්මක සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් නිසා නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුවී ඇති බව පවසමින්, රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කිරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කර සිටියේ.

දින 14ක් තුළ අදාළ මුදල ගෙවන ලෙසත්, එසේ නොමැති නම් නඩු පවරන බවත් අදාළ එන්තරවාසිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles