25 C
Colombo
Friday, June 5, 2026

කල් ඉකුත් වූ ජල බෝතල් විකිණූ දඹුල්ලේ අවන්හලකට දඩ

අද දින (29) දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට, දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 510,000ක දඩ මුදලක් නියම කර ඇත.

ඒ, කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවිකළ නිසා වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන ලද වැටලීමකට අනුව අදාළ අවන්හල, රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

එමෙන්ම එම ජල බෝතල් කල් ඉකුත්වී තිබී ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles