30 C
Colombo
Tuesday, October 7, 2025

රජයේ රෝහල් 15කට නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර

ජයිකා ආයතනය මගින් ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර රජයේ රෝහල් 15 ක් සඳහා මෙම අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ත්‍රිකුණාමලය,රත්නපුර,කුරුණෑගල,ඇඹිලිපිටය,අවිස්සාවෙල්ල,හම්බන්තොට,මන්නාරම,කිලිනොච්චි,රිකිල්ලගස්කඩ,මහියංගනය,පුත්තලම,මීරිගම,මැදිරිගිරිය, වැලිකන්ද සහ නාකුළුගමුව යන රෝහල්වල ද මෙම අති නවීන යන්ත්‍ර ස්ථාපනය කර තිබේ.

මේ යටතේ පළමු යන්ත්‍රය ත්‍රිකුණාමලය රෝහලේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා විවෘත කිරීමට නියමිතයි.

මෙම යන්ත්‍රයේ පැයකට ආසාදිත අපද්‍රව්‍ය කිලෝග්‍රැම් 162 ක් දහනය කිරීමේ හැකියාව පවතී.

මෙවැනි යන්ත්‍ර 05 ක් සහ පැයකට ආසාදිත අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 58 ක් දහනය කළ හැකි යන්ත්‍ර 10 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර වැය කර ඇති මුදල ජපාන යෙන් මිලියන 503 ක් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles