25 C
Colombo
Friday, June 5, 2026

මොරටුව හරහා අද සවස ගමන් කරන රථ වාහනවලට නිවේදනයක්

මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍යය අද (20) සවස් කාලයේ පැවැත්වීමට නියමිතව ඇත.

පෙරහර මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයෙන් ගමන් ආරම්භ කර පරණ ගාලු පාර, ශාන්ත පීතර් පටුමග, නව ගාලු පාර, මොරටුව බස්නැවතුම්පල, වීර පුරන්අප්පු රජ මාවත, ජෝශප් මාර්ගය හරහා කුරුස හන්දියට පැමිණ නැවත පරණ ගාලු මාර්ගය හරහා දේවස්ථානයට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව අද  දින පස්වරු 04.00 සිට පසුදින අළුයම 01.00 දක්වා පෙරහර ගමන්ගන්නා කාලය තුල ඇතිවිය හැකි මාර්ග අවහිරතාවය අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම ප්‍රදේශය හරහා ගමන්කරන රියැදුරන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විකල්ප මාර්ග

  • කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන මොරටුව කටුබැද්ද හන්දියෙන් වමට හැරී පිලියන්දල දෙසට ගමන්කර බණ්ඩාරගම හරහා පානදුර දෙසට ගමන් කල හැකිය.
  • පානදුර දෙස සිට කොළඹ දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන පානදුර ඔරලෝසු කණුව වටරවුමෙන් පානදුර උතුර කෙසෙල්වත්ත හරහා පරණ ගාලු මාර්ගය ඔස්සේ මොරටුව කුරුස හන්දියෙන් දකුණට හැරී කොළඹ දෙසට ගමන් කල හැකිය.
  • පෙරහර නව ගාලු මාර්ගයට පිවිසීමේදී කොළඹ දෙසට ඇතුළුවන මන්තීරුව වසා තබන අතර එහි එක් මන්තීරුවක් හරහා කොළඹ දෙසට හා ගාල්ල දෙසට ගමන් කල හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles