30 C
Colombo
Tuesday, October 7, 2025

පත්තරවල පළවන බොරු නිව්ස් ටිවී එකේ කිව්වොත් වැඩ වරදියි – අලුත් නිතීයක් එයි

පුවත්පත්වල පළවන වැරදි තොරතුරු නිවැරදි කිරීමට පුවත්පත් මණ්ඩලය විසින් ලබා දෙන නියෝග, අදාළ පුවත පළ කළ විද්‍යුත් සහ අන්තර්ජාල මාධ්‍ය ආයතනවලට ද බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමෙන් අනතුරුව, එය අදාළ පුවත්පතේ පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මොකද ඒ පුවත්පත විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මඟින් ද ප්‍රකාශයට පත්කරනවා. ඒ අනුව, පුවත්පත් මණ්ඩලය යම් නිවැරදි කිරීමක් සඳහා නියෝගයක් ලබා දුන්නොත්, ඒ පුවත කියවන ලද විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඒ කටයුත්ත කළ යුතුයි” යනුවෙන් පැවසීය.

මෙම පනත් සංශෝධනය මගින් වැරදි තොරතුරු ප්‍රචාරණය වැළැක්වීම සඳහා වඩාත් පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles