ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල බස් රථයේ අයිතිකරු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිසි ලෙස බස් රථය නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අනතුරට පත් වන අවස්ථාවේ එම බස් රථයේ පිටුපස දකුණු රෝදයේ බ්‍රේක් අක්‍රිය වී තිබුණ බව අනාවරණය වුණා.
මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 හා 24 යන කනු අතර ප්‍රදේශයේදී පසුගියදා බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 15ක් මිය ගියා.
සිද්ධියෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබූවා.