30 C
Colombo
Tuesday, October 7, 2025

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද (10) දින උදෑසන සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව අද (10) දින උදෑසන 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 ගුවන් ගමන අවලංගු කර ඇති බවයි දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

නේපාලයේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගත්තා.

මෙම ගුවන් ගමන් පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිත ආයතනයෙන් විමසීමක් කරන ලෙස දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles